දිවයින පුරා ක්රියාත්මක කෙරෙන “තමන්ගේම තැනක්, ලස්සන ජීවිතයක්” නිවාස ව්යාපෘතිය යටතේ ඉදිකළ නිවාස 5,000ක් ජනතා අයිතියට පත් කිරීමේ වැඩසටහනට සමගාමීව මහනුවර දිස්ත්රික්කයේ නිවාස 250ක් ප්රතිලාභීන් වෙත භාරදීම සිදු විය.
මෙම වැඩසටහනේ ප්රධාන උත්සවය මධ්යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්ය හර්ෂ සුරංග ප්රනාන්දු මහතාගේ ප්රධානත්වයෙන් උඩුනුවර ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ හිද්දවුල්ල ග්රාම නිලධාරී වසමේදී පැවැත්විණි. එහිදී නව නිවසක් නිල වශයෙන් ප්රතිලාභී පවුල වෙත භාරදීම සිදු කෙරිණි.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ක්රියාත්මක කරන මෙම ව්යාපෘතිය ලෝක ජනාවාස දිනයට සමගාමීව දියත් කෙරිණි. “සැමට ප්රමාණවත් නිවාස” යන්න මෙවර ලෝක ජනාවාස දිනයේ තේමාව වී තිබූ අතර, අඩු ආදායම්ලාභී පවුල්වල සුරක්ෂිතභාවය සහ ජීවන තත්ත්වය නංවාලීම මෙහි මූලික අරමුණයි.
මෙම අවස්ථාව සඳහා උඩුනුවර ප්රාදේශීය සභාවේ සභාපති අසිත රණවීර මහතා, උඩුනුවර ප්රාදේශීය ලේකම් ඉන්දික ලියනගේ මහතා සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මහනුවර දිස්ත්රික් සාමාන්යාධිකාරී චමින්ද හේරත් මහතා ඇතුළු රාජ්ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
