කිලිනොච්චි දිස්ත්රික්කයේ පළමු ශ්රේණියේ සිසුන් ඉලක්ක කරගනිමින් ක්රියාත්මක කෙරෙන ‘පැහැදිලි දැක්මක්, දීප්තිමත් අනාගතයක්’ (Clear Vision, Bright Future – Phase II) දෘෂ්ටි පරීක්ෂණ වැඩසටහන මේ වන විට සාර්ථකව ක්රියාත්මක වෙමින් පවතී. සිසුන්ගේ ඇස් ආශ්රිත ගැටලු මූලික අවස්ථාවේදීම හඳුනාගෙන ඔවුන්ට අවශ්ය ප්රතිකාර සහ උපදෙස් ලබාදීම මෙම වැඩසටහනේ ප්රධාන අරමුණයි.
මෙම ව්යාපෘතිය යටතේ කිලිනොච්චි උතුර සහ දකුණ යන අධ්යාපන කලාප දෙකේම රජයේ සහ පෞද්ගලික පාසල්වල පළමු ශ්රේණියේ සිසුන් පරීක්ෂාවට ලක් කෙරිණි. යාපනය ශික්ෂණ රෝහලේ විශේෂඥ අක්ෂි වෛද්ය එම්. මලරවන් මහතාගේ ප්රධානත්වයෙන් සහ දෘෂ්ටි විශේෂඥ කණ්ඩායමකගේ සහභාගීත්වයෙන් මෙම පරීක්ෂණ සිදුකිරීම විශේෂත්වයකි.
සමස්තයක් ලෙස සිසුන් 1,853 දෙනෙකු පරීක්ෂාවට ලක් කිරීමට නියමිතව තිබූ අතර, ඉන් 1,756 දෙනෙකු පරීක්ෂණයට සහභාගී විය. එහිදී සිසුන් 173 දෙනෙකුට දෘෂ්ටි දෝෂ (Refractive Errors) පවතින බව හඳුනාගෙන ඇති අතර, තවත් සිසුන් කිහිප දෙනෙකුට ඇස් ආශ්රිත වෙනත් රෝග තත්ත්වයන් හඳුනාගැනීමට හැකි විය.
දෘෂ්ටි දෝෂ සහිත සිසුන් සඳහා අවශ්ය කණ්ණාඩි නොමිලේ ලබාදීමට පියවර ගෙන ඇත. අලකා පදනමේ අනුග්රහයෙන් සහ අසිස්ට් ආර්.ආර්. ආයතනයේ මැදිහත්වීමෙන් මෙම කණ්ණාඩි සිසුන්ගේ පන්ති කාමර වෙතම ගොස් ලබාදීමට කටයුතු යොදා තිබේ. වැඩිදුර ප්රතිකාර අවශ්ය සිසුන් යාපනය ශික්ෂණ රෝහලේ අක්ෂි සායන වෙත යොමු කර ඇත.
මෙම වැඩසටහන හරහා දරුවන්ගේ අක්ෂි සෞඛ්යය පිළිබඳ දෙමාපියන් සහ ගුරුවරුන් දැනුවත් කිරීම ද සිදු කෙරේ. ලෝක සෞඛ්ය සංවිධානයේ ඉලක්ක සපුරා ගැනීම සඳහා මෙම දත්ත ඉතා වැදගත් වන බව සෞඛ්ය අංශ පෙන්වා දෙයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර