පාස්කු ඉරිදා ප්රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව රැඳවුම් නියෝග මත සිටින රාජ්ය බුද්ධි අංශයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ මහතා ජාතික රෝහලෙන් මුදා හැරීමට වෛද්ය මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව සැකකරු යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයට පත් කිරීමට නියමිත බව අතිරේක සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොටුව මහෙස්ත්රාත් පසන් අමරසේන මහතා හමුවේ ප්රකාශ කළේය.
සුරේෂ් සලේ මහතා පසුගිය දින 119ක කාලයක් ජාතික රෝහලේ 42 වන වාට්ටුවේ ප්රතිකාර ලබමින් සිටියේය. සැකකරුගේ සෞඛ්ය තත්ත්වය සහ වෛද්ය වාර්තා පිළිබඳ කරුණු දැක්වූ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා, ඔහු රෝහල්ගතව සිටි කාලය තුළ විමර්ශනවලට බාධා වන අයුරින් කටයුතු කර ඇති බවට චෝදනා කළේය. සැකකරු රෝගී තත්ත්වයන් මවාපාමින් විමර්ශන දියාරු කිරීමට උත්සාහ කරන බවට ද නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඔහු අධිකරණය හමුවේ කරුණු ගෙනහැර දැක්වීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වෛද්ය මණ්ඩලයේ වෛද්යවරුන් දස දෙනෙකුට අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කර තිබූ අතර, ඉන් වෛද්යවරුන් නව දෙනෙකු ඊයේ (06) අධිකරණයේ පෙනී සිටියහ. එක් වෛද්යවරයෙකු විදේශගතව සිටින බව දන්වා තිබුණි. වෛද්ය මණ්ඩලය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව, සැකකරු රෝහලෙන් මුදා හැරීමට වෛද්යවරුන් එකඟතාව පළ කර ඇත.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශාවින්ද්ර ප්රනාන්දු මහතා අධිකරණයේදී කරුණු දක්වමින්, නීතිපති දෙපාර්තමේන්තුව විසින් සිය සේවාදායකයා අපහාසයට ලක් කරන බවත්, වෛද්ය වාර්තා තමන් වෙත ලබා දී නොමැති බවත් පැවසීය. කෙසේ වෙතත්, අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා අවධාරණය කළේ විමර්ශනවල සාධාරණත්වය සහ සාක්ෂි සුරැකීම වෙනුවෙන් සැකකරු යළි රැඳවුම් භාරයට ගැනීම අත්යවශ්ය බවයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර