සෞදි අරාබියේ සිරගත කර සිටින ශ්රී ලාංකිකයෙකු වන සිවරාසා අනුජන්ට එරෙහිව පනවා ඇති මරණ දඬුවම වහාම අහෝසි කරන ලෙස ජාත්යන්තර ඇම්නෙස්ටි සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.
සමාජ මාධ්ය ඔස්සේ අදහස් පළ කිරීමේදී ආගමික අපහාසයක් සිදු කළ බවට චෝදනා කරමින් ඔහුට එරෙහිව සෞදි අරාබියේ අභියාචනාධිකරණය මගින් මෙම මරණ දඬුවම නියම කර තිබේ. කෙසේ වෙතත්, මෙය අදහස් ප්රකාශ කිරීමේ අයිතියට එල්ල වූ බරපතල තර්ජනයක් බව එම සංවිධානය පෙන්වා දෙයි.
අදහස් ප්රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙකුට මෙවැනි දරුණු දඬුවමක් ලබා දීම කිසිසේත්ම පිළිගත නොහැකි බවත්, අනුජන් කිසිදු කොන්දේසියකින් තොරව වහාම නිදහස් කළ යුතු බවත් ඇම්නෙස්ටි සංවිධානය අවධාරණය කරයි.
මේ අතර, අනුජන්ගේ තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා සෞදි අරාබියේ ශ්රී ලංකා තානාපතිවරයා අද දින දම්මාන් බන්ධනාගාරය වෙත යෑමට නියමිත බව වාර්තා වේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර