යාපනය, වලිකාමම් උතුර ප්රදේශයේ නව මත්පැන් අලෙවිසලක් ස්ථාපිත කිරීමට ලබා දී ඇති අවසරයට එරෙහිව තෙල්ලිප්පලෙයි ප්රදේශයේ ජනතාව අද දින දැවැන්ත විරෝධතාවක් දියත් කළහ.
තෙල්ලිප්පලෙයි හන්දියෙන් ආරම්භ වූ මෙම විරෝධතා පාගමන තෙල්ලිප්පලෙයි ප්රාදේශීය ලේකම් කාර්යාලය දක්වා ගමන් කළේය. ප්රදේශවාසීන් විශාල පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටියහ.
අදාළ ප්රදේශයේ නව මත්පැන් අලෙවිසලක් විවෘත කිරීම මගින් ප්රදේශයේ සමාජ පරිසරයට සහ අනාගත පරපුරට සිදුවිය හැකි අයහපත් බලපෑම් පිළිබඳව විරෝධතාකරුවන් සිය දැඩි විරෝධය පළ කළහ.
ප්රදේශයේ ජනතාවගේ ජීවනෝපාය සහ යහපැවැත්ම සැලකිල්ලට ගෙන, මෙම මත්පැන් අලෙවිසල සඳහා ලබා දී ඇති අවසරය වහාම අවලංගු කරන ලෙස ඉල්ලා විරෝධතාකරුවන් විසින් තෙල්ලිප්පලෙයි ප්රාදේශීය ලේකම්වරයා වෙත ලිඛිත ඉල්ලීමක් ද භාර දෙනු ලැබීය.
