කච්චතිව් දූපත සහ ශ්රී ලංකා – ඉන්දීය මුහුදු සීමාව සම්බන්ධයෙන් ඉන්දීය ශ්රේෂ්ඨාධිකරණයේ පැවති නඩු විභාගයකදී අධිකරණය විසින් සිදු කළ නිරීක්ෂණ ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්ය රාමලිංගම් චන්ද්රසේකර් මහතාගේ පැසසුමට ලක්ව තිබේ.
තමිල්නාඩු ධීවරයන් ජාත්යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ශ්රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමෙන් වළකින ලෙස ඔවුන් දැනුවත් කිරීමේ අවශ්යතාව ඉන්දීය ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු සංජය කුමාර් මහතා ප්රමුඛ විනිසුරු මඩුල්ල විසින් පෙන්වා දී ඇත. මෙම නිරීක්ෂණය දෙරට අතර පවතින නීතිමය රාමුවට ගරු කිරීමක් ලෙස අමාත්යවරයා පෙන්වා දෙයි.
අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ශ්රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වන විදේශීය ධීවර යාත්රා සහ විනාශකාරී ධීවර ක්රම භාවිතය හේතුවෙන් උතුරු පළාතේ ධීවර ජනතාවගේ ජීවනෝපායට සහ සාගර සම්පත්වලට දැඩි බලපෑම් එල්ල වන බවයි. සාගර සම්පත් ආරක්ෂා කිරීම රජයේ ප්රමුඛ වගකීමක් බවද ඔහු අවධාරණය කළේය.
මෙම නඩු විභාගයේදී විනිසුරු සංජය කුමාර් මහතා ශ්රී ලංකාවේ ජනතාව පරිසරය ආරක්ෂා කිරීමට සහ පොදු ස්ථානවල පිරිසිදුකම පවත්වා ගැනීමට දක්වන සමාජ වගකීම පිළිබඳවද සිය ප්රසාදය පළ කර තිබුණි. එය සාගර පරිසරය සංරක්ෂණයට ද මහත් පිටුවහලක් බව ඔහු පෙන්වා දුන්නේය.
කච්චතිව් සම්බන්ධයෙන් පවතින පෙත්සම්වල වැඩිදුර විභාගය 2027 පෙබරවාරි මාසය දක්වා කල් දමා ඇති අතර, ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර 1974 සහ 1976 වසරවලදී ඇති කරගත් ගිවිසුම්වල නීතිමය වලංගුභාවය පිළිබඳව මෙතෙක් අවසන් තීන්දුවක් ලබා දී නොමැත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර