බන්ධනාගාර ආඥා පනත යටතේ පවතින රෙගුලාසි සහ ස්ථාවර නියෝග වත්මන් යුගයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට පියවර ගෙන ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන තිබේ.
මහා සංඝරත්නය සහ ජනාධිපතිවරයා අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය එළඹි අතර, බන්ධනාගාර පද්ධතියේ කාර්යක්ෂමතාව, ආරක්ෂාව සහ යහපාලනය තහවුරු කිරීම මෙම කමිටුව පත් කිරීමේ ප්රධාන අරමුණ වේ.
මෙම කමිටුව සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යාංශයේ ලේකම් ප්රින්ස් සේනාධීර, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්යාංශයේ අතිරේක ලේකම් පියුමන්තී පීරිස්, රාජ්ය පරිපාලන අමාත්යාංශයේ අතිරේක ලේකම් වසන්ත ආරියරත්න, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී. සේනාරත්න සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඒ.සී. ගජනායක යන මහත්ම මහත්මීන් ඇතුළත් වේ.
බන්ධනාගාර පද්ධතිය තුළ සංස්කෘතික වටිනාකම් සුරකිමින්, ආරක්ෂාව තර කිරීම සහ වර්තමාන අවශ්යතාවන්ට ගැලපෙන පරිදි නීති රීති සංශෝධනය කිරීම සඳහා වන නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුවට පැවරී ඇති වගකීම වේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර