ජාත්යන්තර ක්රිකට් පිටියෙන් සමුගෙන වසර අටකට වැඩි කාලයක් ගතවී තිබුණද, දකුණු අප්රිකානු සුපිරි පිතිකරු ඒබී ඩිවිලියර්ස් තවමත් තමන් සතු ප්රහාරාත්මක පිතිකරණ හැකියාව මනාව ප්රදර්ශනය කරමින් සිටී. 2026 ලෝක ශූරතා ලෙජන්ඩ්ස් ක්රිකට් තරගාවලියේදී ඔස්ට්රේලියානු චැම්පියන්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 37කින් ශතකයක් වාර්තා කිරීමට ඔහු සමත් විය.
මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්රේලියානු කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 209ක් රැස් කළේය. ජයග්රහණය සඳහා ලකුණු 210ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්රිකානු චැම්පියන්ස් කණ්ඩායම වෙනුවෙන් අංක තුන පිතිකරු ලෙස පිටියට පිවිසි ඩිවිලියර්ස්, පන්දු 40කදී නොදැවී ලකුණු 111ක් රැස් කළේය.
ඔහුගේ මෙම ඉනිම හතරේ පහර 6කින් සහ දැවැන්ත හයේ පහර 11කින් වර්ණවත් විය. ඩිවිලියර්ස්ගේ මෙම ප්රහාරාත්මක පිතිකරණය හමුවේ දකුණු අප්රිකානු කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 2කදී කඩුලු 2ක් පමණක් දැවී ජයග්රාහී ඉලක්කය පසුකර ගියේය.
ආරම්භක පිතිකරු රිචඩ් ලෙවි පන්දු 29කින් ලකුණු 62ක් ලබා ගනිමින් ඩිවිලියර්ස්ට අනගි සහායක් ලබා දුන් අතර, ඒ හේතුවෙන් ෆාෆ් ඩු ප්ලෙසිස් සහ ජේ.පී. ඩුමිනි වැනි ප්රබල පිතිකරුවන්ට පන්දුවට පහරදීමේ අවස්ථාව පවා අහිමි විය.
ඩිවිලියර්ස් මීට පෙර 2025 වසරේ පැවති ලෙජන්ඩ්ස් ක්රිකට් තරගාවලියේදී ද වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් ශතක තුනක් වාර්තා කිරීමට සමත් විය. වෘත්තීය ෆ්රැන්චයිස් ක්රිකට් පිටියෙන් ඈත්ව සිටියද, ඔහු මෙලෙස යළිත් සිය සුපුරුදු දක්ෂතා අතරට පැමිණීම ක්රිකට් ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්ව තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර