ඉන්දියාවේ මහාරාෂ්ට්ර ප්රාන්තයේ අහිල්යානගර් ප්රදේශයේදී අතිශය භයානක රිය අනතුරක් වාර්තා වී තිබේ. වැලි ප්රවාහනය කරමින් තිබූ ටිපර් රථයක ගැටුණු ස්කූටරයක ගමන් කළ තරුණියක්, අනතුර සිදුවන මොහොතේම රථයේ ඉදිරිපස බෆරය අල්ලා ගැනීම හේතුවෙන් දිවි බේරා ගැනීමට සමත් විය.
බෙලාපූර් මාර්ගයේදී සිදුවූ මෙම අනතුර අසල තිබූ සීසීටීවී කැමරාවක පැහැදිලිව සටහන් වී ඇත. දර්ශනවල දැක්වෙන්නේ කිසිදු ආරක්ෂිත ඉඩක් ලබා නොදී ටිපර් රථය හදිසියේ දකුණට හැරවීමේදී ස්කූටරය එහි ගැටෙන ආකාරයයි. තරුණිය රථය යටට ඇද වැටීමෙන් බේරී ඇත්තේ ක්ෂණිකව බෆරය අල්ලා ගැනීම නිසාය.
අනතුරෙන් පසු රියදුරා රථයෙන් බැස තරුණිය සහ ස්කූටරය පරීක්ෂා කරනු දක්නට ලැබුණද, පසුව ප්රදේශවාසීන් එම ස්ථානයට රැස්වීමත් සමඟ ඔහු රථය අතහැර පලාගොස් තිබේ. අදාළ ටිපර් රථයේ කිසිදු අංක තහඩුවක් නොතිබූ බවත්, එය අවසරයකින් තොරව වැලි ප්රවාහනය කරන රථයක් බවත් වාර්තා වේ.
සිද්ධියෙන් පසු ප්රදේශවාසීන් පවසා ඇත්තේ, මෙවැනි නීති විරෝධී සහ අධික වේගයෙන් ධාවනය වන වැලි ප්රවාහන රථවලට එරෙහිව දැඩි නීතිමය පියවර ගත යුතු බවයි. අනතුරින් පසු තරුණිය තුවාල නොමැතිව නැගිට ඇවිද යන අයුරු වීඩියෝ දර්ශනවල දැකගත හැකි විය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර