ඇමෙරිකා එක්සත් ජනපදය සහ රුසියාව අතර ඇති කරගෙන ඇති නව ඩීසල් ගිවිසුම සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි සිය දැඩි විරෝධය පළ කර තිබේ. මෙම ගිවිසුම රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට ලබා දුන් තෑග්ගක් ලෙස හඳුන්වන සෙලෙන්ස්කි, මෙය යුද්ධය තවදුරටත් දීර්ඝ කිරීමට දරන උත්සාහයක් බව පෙන්වා දෙයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ පරිපාලනය විසින් මෙම ගිවිසුම හරහා රුසියාවෙන් ඩීසල් ටොන් ලක්ෂ ගණනාවක් ලබා ගැනීමට සැලසුම් කර ඇත. එහි මූලික පියවරක් ලෙස ටොන් 300,000ක් වහාම වෙළඳපොළට නිකුත් කිරීමට එකඟතාව පළ වී ඇති අතර, ඉදිරි මාසවලදී එම ප්රමාණය තවත් ඉහළ නැංවීමට නියමිතය.
මෙම ගිවිසුමේ කොටසක් ලෙස රුසියානු ඩීසල් අපනයන සඳහා පනවා තිබූ සම්බාධක අප්රේල් 7 වනදා දක්වා අත්හිටුවීමට ඇමෙරිකානු භාණ්ඩාගාරය පියවර ගෙන ඇත. කෙසේ වෙතත්, රුසියාවේ අනෙකුත් වත්කම් සම්බන්ධයෙන් පනවා ඇති සීමාවන් තවදුරටත් ක්රියාත්මක බව වාර්තා වේ.
තම රටේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා ඇමෙරිකාවෙන් වඩාත් ශක්තිමත් සහ සාධාරණ සහයෝගයක් අපේක්ෂා කරන බව සෙලෙන්ස්කි අවධාරණය කරයි. රුසියාව සමඟ කටයුතු කිරීමේදී දුර්වල ප්රතිපත්තියක් අනුගමනය කිරීමෙන් ඔවුන් තවදුරටත් භීෂණය පතුරුවනු ඇති බවට ඔහු අනතුරු අඟවයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර