වඩත්ත කොට්ටුකච්චිය ශ්‍රී සරණංකර විහාරස්ථානයේදී කුලදරුවන් 14 දෙනෙකු සසුන්ගත කිරීමේ පුණ්‍යෝත්සවය පසුගියදා ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. සසුන්ගත වූ නවක ස්වාමින්වහන්සේලා පිළිගැනීමේ අවස්ථාවද මෙහිදී සිදු කෙරිණි.

මෙම උත්සවය සංවිධානය කර තිබුණේ අනමඩුව රාජවන්නි සහ කුමාරවන්නි දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය වඩත්තේ සෝමානන්ද ස්වාමින්වහන්සේගේ අනුශාසනා පරිදිය.

මෙම අවස්ථාවට අමාත්‍ය චන්දන අබේරත්න මහතා ද සහභාගී වූ අතර, එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කළේ බුදු දහම ජනතාව අතරට ගෙන යමින් බහුජන හිත සුව පිණිස කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳවයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version