නාවලපිටිය ප්රදේශයේ සිදුවූ මාර්ග අනතුරක් සහ ඉන් අනතුරුව ඇති වූ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාවලපිටිය නගර සභා සභාපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සිද්ධියට අදාළව නගර සභා සභාපතිවරයා සමඟ ඔහුගේ පුත්රයා සහ බෑණනුවන් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනතුරුව මෙම පියවර ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (12) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
