මධ්‍යම නේපාලයේ හටගත් හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් විශාල පිරිසක් අතුරුදන් වී ඇති බව වාර්තා වේ. මෙම ආපදාවෙන් නිවාස, පාලම් සහ ගොඩනැගිලි රැසක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, ජල විදුලි බලාගාරයක් ද ජලයට ගසාගෙන ගොස් තිබේ.

නේපාල හමුදාව ප්‍රකාශ කරන්නේ, මෙම ආපදාවෙන් මේ වන විට පුද්ගලයින් 49 දෙනෙකු බේරා ගැනීමට හැකි වූ බවයි. ගෝර්කා ප්‍රාන්තයේ බුද්ධි ගන්ධාකි ගංගාවේ ඉහළ ප්‍රදේශයේ ඇති වූ නායයෑමක් මෙම හදිසි ගංවතුර තත්ත්වයට හේතු වී ඇති බවට සැක පළ කෙරේ.

ගංවතුර හේතුවෙන් ප්‍රදේශයේ තිබූ පාලම් හතරක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, නිවාස සිය ගණනකට දැඩි හානි සිදුව ඇත. බලධාරීන් සහ සහන කණ්ඩායම් මේ වන විටත් අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම්වල නිරතව සිටිති.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version