රජයේ ප්රමුඛතම අරමුණක් වන දිළිඳුකම තුරන් කිරීමේ ක්රියාවලිය වේගවත් කිරීම සඳහා ‘ප්රජා ශක්ති’ ජාතික වැඩසටහන ඩිජිටල්කරණය කිරීමට තීරණය කර තිබේ.
මෙම වැඩසටහනට අදාළ ඒකාබද්ධ ඩිජිටල් දත්ත පද්ධතියක් සකස් කිරීම පිළිබඳ සාකච්ඡාවක් ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා අමාත්යාංශ පරිශ්රයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ප්රජා ශක්ති ජාතික මහලේකම් කාර්යාලය, ග්රාම සංවර්ධන කාර්යාංශය සහ ග්රාම සංවර්ධන අභ්යාස හා පර්යේෂණ ආයතනයේ උසස් නිලධාරීන් සහභාගී වූහ.
ග්රාමීය මට්ටමින් පවතින සංවර්ධන අවශ්යතා සහ ප්රමුඛතා නිවැරදිව හඳුනා ගැනීම සඳහා සියලුම දත්ත එක් ඩිජිටල් වේදිකාවකට ඒකාබද්ධ කිරීම මෙහි මූලික අරමුණයි.
එමගින් ග්රාමීය සංවර්ධන සැලසුම් වඩාත් විධිමත් ලෙස සකස් කිරීමට සහ අදාළ ප්රතිලාභීන් වෙත සේවා කාර්යක්ෂමව ලබා දීමට හැකි වනු ඇතැයි බලධාරීහු අපේක්ෂා කරති.
