පාකිස්තාන කණ්ඩායම සමඟ පැවැත්වෙන තුන්වන සහ අවසන් විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකා නායකයා තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

මෙම තරගාවලියේ මීට පෙර පැවැති තරග දෙකේදීම ජයග්‍රහණය වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය. ඒ අනුව තරග 2-0ක් ලෙස දැනටමත් තරගාවලියේ ජය ඔවුන් සතු කරගෙන අවසන්ය.

අද පැවැත්වෙන මෙම තරගයත් සමඟ විස්සයි විස්ස තරගාවලිය නිමාවට පත්වන අතර, දෙරට අතර පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය එළඹෙන 18 වනදා ආරම්භ වීමට නියමිතය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version