ශ්රී ලංකාවේ වරාය සංවර්ධන කටයුතු සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ සහයෝගීතාව වර්ධනය කර ගැනීම අරමුණු කරගනිමින් වරාය, සිවිල් ගුවන්සේවා හා බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක මහතා සහ යුරෝපා සංගම් නියෝජිත පිරිස අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි.
යුරෝපා සංගමයේ ‘ග්ලෝබල් ගේට්වේ’ (Global Gateway) වැඩසටහන යටතේ ශ්රී ලංකාවේ වරාය ව්යාපෘති සඳහා සහාය ලබා ගැනීම සහ බලශක්ති උත්පාදනයේ හරිත පරිවර්තනය පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු විය. කොළඹ වරායේ බහාලුම් පර්යන්ත සංවර්ධනය කිරීම මගින් සැපයුම් සහ ප්රවාහන ධාරිතාව ඉහළ නැංවීමේ වැදගත්කම දෙපාර්ශ්වය විසින්ම අවධාරණය කරන ලදී.
එමෙන්ම, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සහ බලශක්ති ගබඩා තාක්ෂණය සම්බන්ධයෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ යුරෝපා සංගම් නියෝජිතයින්ගේ ඇගයීමට ලක් විය. ත්රිකුණාමලය වරාය ආශ්රිතව හරිත බලශක්ති කේන්ද්රස්ථානයක් ස්ථාපිත කිරීමේ යෝජනාව පිළිබඳව ද මෙහිදී අමාත්යවරයා කරුණු පැහැදිලි කළ අතර, ඒ සඳහා මූලික ශක්යතා අධ්යයනයක් සිදු කිරීමේ අවශ්යතාව පෙන්වා දුන්නේය.
මෙම සාකච්ඡාව සඳහා ආසියානු පැසිෆික් කලාපීය අධ්යක්ෂ පීටර්ස් උස්ටබස් මහතාගේ නායකත්වයෙන් යුත් යුරෝපා සංගම් නියෝජිත පිරිසක් එක්ව සිටියහ. නියෝජ්ය අමාත්ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා සහ අමාත්යාංශ ලේකම් ඩබ්.ඩබ්.එස්. මංගල මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර