ෆේස්බුක් සමාජ මාධ්ය ජාලය හරහා වාහන අලෙවි දැන්වීම් ප්රචාරය කර දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු හෝමාගම, මාවතගම ප්රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකි. ඔහු විසින් ෆේස්බුක් ව්යාපාරික ගිණුමක් හරහා වාහන අලෙවි දැන්වීම් පළ කිරීම සඳහා ජනතාවගෙන් මුදල් අය කර තිබේ.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, සතියකට රුපියල් 5,000ක්, සති දෙකකට රුපියල් 10,000ක් සහ මසකට රුපියල් 15,000ක් ලෙස ඔහු මුදල් අය කර ඇති බවයි. දුරකථන මාර්ගයෙන් ජනතාව සම්බන්ධ කරගනිමින් මෙම මුදල් ලබාගෙන ඇතත්, පොරොන්දු වූ පරිදි කිසිදු දැන්වීමක් පළ නොකර ඔහු ජනතාව රවටා තිබේ.
අදාළ සැකකරු විශ්වාසය කඩ කිරීම, අන් අයෙකු ලෙස පෙනී සිටීම සහ වංචා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අත්අඩංගුවට ගෙන ඇත. මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර