ඉන්දුනීසියාවේ හටගෙන ඇති දරුණු ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් කලාපීය වශයෙන් බරපතල සෞඛ්ය අවදානමක් මතුව තිබේ. එල් නිනෝ කාලගුණික බලපෑමත් සමඟ පසුගිය වසර 11 තුළ එරට වාර්තා වූ දරුණුතම ලැව්ගිනි සමය මෙය බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
මෙම ලැව්ගිනිවලින් නිකුත් වන ඝන දුමාරය සිංගප්පූරුව දෙසට ඇදී ඒමත් සමඟ එරට වායු දූෂණ මට්ටම වසරේ ඉහළම අගයට ළඟා වී ඇත. මැලේසියාව ඇතුළු අසල්වැසි රටවල ද වායු ගුණාත්මකභාවය වේගයෙන් පහත වැටීම හේතුවෙන් ජනතාවගේ සෞඛ්ය තත්ත්වය පිළිබඳ දැඩි අවධානයක් යොමු වී තිබේ. ඇතැම් ප්රදේශවල පාසල් කටයුතු පවා තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.
ගින්න පාලනය කිරීම සඳහා ඉන්දුනීසියානු බලධාරීන් ගිනි නිවන භටයන් 69,000කට අධික පිරිසක් යොදවා ඇතත්, පීට් බිම් ආශ්රිතව හටගෙන ඇති ගිනි නිවා දැමීම අතිශය අසීරු වී තිබේ. පොළොව මතුපිටට පමණක් නොව පොළොව අභ්යන්තරයෙන් ද පැතිර යන මෙම ගිනි තත්ත්වය පාලනය කිරීම විශාල අභියෝගයක් බව බලධාරීහු පවසති.
මෙම අර්බුදය හමුවේ ලබන මාසයේ පැවැත්වීමට නියමිත ආසියාන් (ASEAN) සමුළුවේදී කලාපීය රටවල් අතර සහයෝගීතාවය සහ වායු ගුණාත්මකභාවය ආරක්ෂා කර ගැනීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිතය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර