මන්නාරම දිස්ත්‍රික්කයේ සිලාවතුර අරිප්පු වෙරළ තීරය ආශ්‍රිතව නව වෙරළ විවේකී උද්‍යානයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරිණි. පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතිය සඳහා මුල්ගල තැබීම පසුගියදා සිදු විය.

මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ වෙරළ සංරක්ෂණය කිරීම, ප්‍රදේශයේ ධීවර ප්‍රජාව සවිබල ගැන්වීම සහ සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීමයි. විශේෂයෙන්ම ඩොරික් බංගලාව ආශ්‍රිත ප්‍රදේශයේ පවතින ඉහළ සංචාරක විභවය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇත.

වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව සහ පරිසර අමාත්‍යාංශය එක්ව විද්‍යාත්මක පදනමක් මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. රජයේ නව වෙරළ සංරක්ෂණ ප්‍රතිපත්තියට සමගාමීව දිවයින පුරා මෙවැනි උද්‍යාන රැසක් ඉදිකිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙම නව උද්‍යානය මගින් සිලාවතුර අරිප්පු වෙරළ තීරයේ පවතින වෙරළ ඛාදනය පාලනය කිරීමටත්, ප්‍රදේශයේ ධීවර ජනතාවගේ බෝට්ටු නැංගුරම් ලෑමේ පහසුකම් සහ ඉඩකඩ වැඩිදියුණු කිරීමටත් අපේක්ෂා කෙරේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version