යාපනය අර්ධද්වීපයේ පවතින භූගත ජල සම්පත විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ ආරක්ෂා කර ගැනීමේ අරමුණින් නව භූගත ජල කළමනාකරණ ඒකකයක් අද (16) ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.

පරිසර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සහ පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් මෙම ඒකකය විවෘත කෙරේ. ජාතික ජල සම්පත් මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘තිරසර දියවර’ ජාතික වැඩසටහනට සමගාමීව මෙම පියවර ගෙන ඇත.

උතුරු පළාතේ පානීය ජල අවශ්‍යතා සහ කෘෂිකාර්මික කටයුතු සඳහා ප්‍රධානතම මූලාශ්‍රය වන්නේ භූගත ජලයයි. මෙම නව ඒකකය හරහා භූගත ජලයේ ගුණාත්මකභාවය නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීම සහ ජල මූලාශ්‍ර ආරක්ෂා කිරීම සිදු කෙරේ.

අනාගත පරපුර වෙනුවෙන් ජල සම්පත තිරසාර ලෙස පවත්වාගෙන යාම සහ උතුරේ පවතින ජල ගැටලුවලට පාරිසරික විසඳුම් ලබා දීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි. එමගින් ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීම සහ කෘෂිකර්මාන්තය නංවාලීම අපේක්ෂා කෙරේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version