රටේ ක්‍රියාත්මක කෙරෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට අදාළව ජාතික අධ්‍යාපන ආයතනය විසින් සංශෝධනය කර සකස් කරන ලද නව ජාතික විෂය මාලා රාමුව මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමිපාණන් වහන්සේ සහ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමිපාණන් වහන්සේ වෙත පිළිගැන්වීම ඊයේ (15) සිදු කෙරිණි.

මල්වතු මහා විහාරයේදී මෙම උත්සවය පැවැති අතර, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් අදාළ විෂය මාලා රාමුව මහා නාහිමිවරුන් වෙත පිළිගන්වනු ලැබීය.

මෙම අවස්ථාවේ ප්‍රධාන අරමුණ වූයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අන්තර්ගතය සහ එහි ඉදිරි සැලසුම් පිළිබඳව මහා සංඝරත්නය දැනුවත් කිරීම සහ උන්වහන්සේලාගේ අවබෝධය ලබා ගැනීමයි.

ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කරන ලද මෙම නව විෂය මාලා රාමුව, වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ඉතා වැදගත් ලේඛනයක් ලෙස සැලකේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version