ඉන්දියානු සමකාලීන කලා ලෝකය ජාත්යන්තර තලයට ඔසවා තැබීමට සුවිශේෂී දායකත්වයක් දැක්වූ අමෙරිකාවේ උපත ලැබූ කලාකරුවෙකු සහ කලාගාර හිමිකරුවෙකු වන පීටර් නාගි (Peter Nagy) අභාවප්රාප්ත වී තිබේ. මිය යන විට ඔහුට වයස අවුරුදු 67කි.
දිල්ලි සහ මුම්බායි නගර මුල් කරගනිමින් ක්රියාත්මක වන ප්රකට ‘නේචර් මෝර්ට්’ (Nature Morte) කලාගාරය විසින් සමාජ මාධ්ය හරහා නිවේදනය කළේ, දිගුකාලීන රෝගී තත්ත්වයකින් පසු ඔහු මිය ගිය බවයි. 1980 දශකයේ නිව්යෝර්ක් නුවර කලා ක්ෂේත්රය තුළින් සිය ගමන ආරම්භ කළ නාගි, නව සංකල්පීය කලාව සහ පශ්චාත් අවමවාදය වැනි ප්රවණතා සමඟ සමීපව කටයුතු කළේය.
පොප් ආර්ට් ශෛලියේ දෘශ්ය භාෂාව උපහාසාත්මකව භාවිත කරමින් පාරිභෝගිකවාදය සහ ඩිජිටල්කරණයට ලක්වන සමාජය පිළිබඳ විවේචනාත්මක දැක්මක් ඔහුගේ නිර්මාණ තුළින් ඉදිරිපත් විය. විශේෂයෙන්ම වෙළෙඳ සන්නාම සහ ලාංඡන උපයෝගී කරගනිමින් ඔහු කළ කඩදාසි කොලාජ් සහ සිතුවම් මාලාවන් කලා ලෝකයේ දැඩි අවධානයට ලක් විය.
පීටර් නාගි 1982 වසරේදී ඇලන් බෙල්චර් සමඟ එක්ව නිව්යෝර්ක් නුවරදී ‘නේචර් මෝර්ට්’ කලාගාරය ආරම්භ කළ අතර, පසුව එය ඉන්දියාවට රැගෙන ගියේය. එරට කලාකරුවන්ගේ නිර්මාණ ගෝලීය වෙළෙඳපොළට හඳුන්වා දීමට සහ ජාත්යන්තර මට්ටමේ කලාගාර ආකෘතියක් ඉන්දියාව තුළ ස්ථාපිත කිරීමට ඔහු විශාල මෙහෙවරක් ඉටු කළේය.
ඔහුගේ වියෝව ඉන්දියානු සමකාලීන කලා ක්ෂේත්රයට පිරවිය නොහැකි පාඩුවක් බව කලාකරුවන් සහ රසිකයන් පෙන්වා දෙති. නාගිගේ අවසන් කැමැත්තට අනුව, ඔහුගේ අභාවය හමුවේ කලාගාරය වසා නොදමා එහි කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට කළමනාකාරීත්වය තීරණය කර ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර