කළුතර දකුණ පොලිස් වසමේ පිහිටි ආපන ශාලාවක් අසලදී පසුගිය ඔක්තෝබර් 09 වන දින සිදු වූ වෙඩි තැබීමකින් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් විය.
මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුව, කළුතර දිස්ත්රික් අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සැකකරුවන් තිදෙනෙකු ඊයේ (15) රාත්රියේදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 24, 26 සහ 36 යන වයස්වල පසුවන්නන් වන අතර ඔවුන් කළුතර දකුණ සහ අගලවත්ත ප්රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
සැකකරුවන් සන්තකයේ තිබී සිද්ධියට සම්බන්ධ යැයි සැක කෙරෙන යතුරුපැදියක්, ජංගම දුරකථන දෙකක්, අයිස් මත්ද්රව්ය ග්රෑම් එකක් සහ සොරකම් කරන ලද බවට සැක කෙරෙන ත්රිරෝද රථයක් පොලිස් භාරයට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර