ශ්රී ලංකාවේ මිරිදිය මත්ස්ය නිෂ්පාදනය ඉහළ නැංවීම සහ ග්රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය විසින් යාන් ඔය ජලාශය ආශ්රිතව දියත් කළ කූඩු මත්ස්ය වගා නියමු ව්යාපෘතිය සාර්ථක ප්රතිඵල අත්කර ගෙන තිබේ.
මෙම ව්යාපෘතිය යටතේ රවුම් කූඩු ක්රමවේදය භාවිත කරමින් මත්ස්යයන් වගා කිරීම සිදු කෙරුණු අතර, මෙය මෙරට වාණිජ මට්ටමින් රවුම් කූඩු භාවිත කළ පළමු අවස්ථාව ලෙස සැලකේ. පසුගිය මැයි මාසයේදී මත්ස්ය ඇඟිල්ලන් 15,000ක් යොදා ගනිමින් ආරම්භ කළ මෙම ව්යාපෘතියේ අස්වනු නෙළීම පසුගියදා සාර්ථකව සිදු කෙරිණි.
එහිදී මත්ස්යයන් 2,996 දෙනෙකුගෙන් කිලෝග්රෑම් 1,202ක සමස්ත අස්වැන්නක් ලබා ගැනීමට හැකි වූ අතර, එමගින් රුපියල් 696,000ක ආදායමක් උපයා ගැනීමට හැකි විය. නෙළාගත් මත්ස්ය අස්වැන්න ලංකා ධීවර සංස්ථාව සහ ප්රදේශයේ පෞද්ගලික අලෙවිකරුවන් විසින් කිලෝග්රෑමයක් රුපියල් 600 බැගින් මිලදී ගෙන ඇත.
සාම්ප්රදායික ක්රමවේදවලට වඩා කාර්යක්ෂමව මත්ස්ය වර්ධනය කළමනාකරණය කිරීමට මෙම තාක්ෂණික ක්රමවේදය ඉවහල් වන බව ව්යාපෘතියේ සාර්ථකත්වයෙන් තහවුරු වී ඇත. මෙම අත්දැකීම් උපයෝගී කරගනිමින් ඉදිරියේදී දිවයිනේ අනෙකුත් ජලාශ ආශ්රිතව ද මෙම ව්යාපෘතිය පුළුල් කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම අස්වනු නෙළීමේ අවස්ථාව සඳහා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපති කිත්සිරි ධර්මප්රිය මහතා ඇතුළු නිලධාරීන් සහ ප්රදේශයේ ධීවර ප්රජාව එක්ව සිටියහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර