ශ්රී ලංකාවේ සිටි උසම සහ විශාලතම වනජීවී දළ ඇතා ලෙස සැලකෙන ‘කාවන්තිස්ස’ හස්තියා ඊයේ (16) අසාධ්ය තත්ත්වයෙන් ප්රතිකාර ලබමින් සිටියදී මියගියේය. මෙම හස්තියාගේ මරණයට නිශ්චිත හේතුව සොයා බැලීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී.
පේරාදෙණිය විශ්වවිද්යාලයේ විශේෂඥයන් ඇතුළු කණ්ඩායමක් විසින් මෙම පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතය. ඒ සඳහා අවශ්ය අධිකරණ නියෝගය ලබා ගැනීමට අද (17) වනජීවී බලධාරීන් කටයුතු කරනු ඇත.
කාවන්තිස්ස හස්තියාගේ වියෝව සම්බන්ධයෙන් දේශපාලනඥයන්, පරිසරවේදීන් සහ සාමාන්ය ජනතාව සමාජ මාධ්ය ඔස්සේ සිය ශෝකය පළ කර තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් හස්තියාගේ අභිමානය සහ සංස්කෘතික වටිනාකම සිහිපත් කරමින් සංවේදී සටහන් එක්කර ඇත.
අසාධ්යව සිටි කාලසීමාවේදී මෙම හස්තියාගේ ප්රතිකාර සඳහා අවශ්ය මූල්ය දායකත්වය ලබා දීමට ද ව්යාපාරික ක්ෂේත්රයේ පිරිස් ඉදිරිපත් වී සිටියහ. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබීමෙන් පසු මරණයට හේතුව නිශ්චිතවම ප්රකාශ කළ හැකි බවයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර