ශ්රී ලංකාවේ උසම ඇතා ලෙස සැලකෙන කාවන්තිස්ස ඇතා අද (17) උදෑසන මියගොස් ඇති බව වාර්තා වේ. සියඹලන්ගමුව ප්රදේශයේදී මෙම ඇතාගේ මළ සිරුර සොයාගෙන ඇත.
කාවන්තිස්ස ඇතා පසුගිය කාලසීමාව පුරාම රෝගාතුරව ප්රතිකාර ලබමින් සිටියේය. විශේෂයෙන්ම මෙම ඇතාගේ ඉදිරිපස දකුණු පාදයේ තිබූ වෙඩි වැදීමකින් සිදුවූ තුවාලයකට පසුගිය සැප්තැම්බර් 24 වනදා සිට විශේෂ ප්රතිකාර ලබාදීමට පශු වෛද්ය කණ්ඩායම් පියවර ගෙන තිබුණි.
පශු වෛද්යවරුන් පවසන පරිදි, පාදයේ තිබූ තුවාලය යම් මට්ටමකින් සුව අතට හැරී තිබුණද, පසුගිය දින කිහිපයේදී ඇතා ආහාර ගැනීම ප්රතික්ෂේප කිරීම ඇතුළු බරපතල රෝගී තත්ත්වයන් පෙන්නුම් කර ඇත.
ගල්ගමුව ප්රදේශයේ වාසය කළ මෙම ඇතාගේ සෞඛ්ය තත්ත්වය සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාම විවිධ මතභේද සහ කතාබහක් නිර්මාණය වී තිබුණි. කෙසේ වෙතත්, දැඩි ප්රතිකාර මධ්යයේ වුවද කාවන්තිස්ස ඇතාගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වී තිබේ.
