මෙරට රාජ්ය ආදායම් රැස්කරනු ලබන ප්රධාන ආයතනවල ප්රතිසංස්කරණ සහ නවීකරණ කටයුතු පිළිබඳ ප්රගති සමාලෝචන රැස්වීමක් ඊයේ (15) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණු අතර, ඒ සඳහා ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිත පිරිසක් සහ ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන, ප්රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාංශයේ නිලධාරීහු එක්ව සිටියහ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතනවල ආදායම් රැස් කිරීමේ කාර්යක්ෂමතාව සහ මේ වන විට ක්රියාත්මක කර ඇති ප්රතිසංස්කරණවල ප්රගතිය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කෙරිණි. ආයතන තුනෙහි ඉදිරි සැලසුම් පිළිබඳව ද ජනාධිපති ලේකම්වරයා විසින් කරුණු පැහැදිලි කරනු ලැබීය.
මෙම සාකච්ඡාවේදී ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතයන් විසින් ආයතනික අවදානම් කළමනාකරණය (Risk Management) ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. මීට අමතරව, මානව සම්පත් සංවර්ධනය සහ පරිගණක පද්ධති වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාම මගින් රාජ්ය ආදායම් උත්පාදන ක්රියාවලිය විධිමත් කිරීමේ අවශ්යතාව ද ඔවුන් පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාවට ජනාධිපති ජ්යෙෂ්ඨ අතිරේක ලේකම් සීවලී අරුක්ගොඩ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහ ජාත්යන්තර මූල්ය අරමුදල නියෝජනය කරමින් ජ්යෙෂ්ඨ ආර්ථික විද්යාඥ සින්ඩි නෙගුස්, ආදායම් පරිපාලන උපදේශිකා ඇලිසන් ලිස්ටර් සහ ශ්රී ලංකාවේ නේවාසික ආදායම් උපදේශක ග්රෙගරි ටොපින් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර