උඩරට දුම්රිය මාර්ගයේ කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් අද (17) අලුයම සිට දුම්රිය ධාවනයට බාධා මතුව ඇත.
අධික වර්ෂාවත් සමඟ පස් කන්දක් දුම්රිය මාර්ගයට සේදී ඒම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මෙම බාධා කිරීම් හේතුවෙන් පොල්ගහවෙල සිට ගම්පොළ බලා ධාවනය වන දුම්රියන් සහ ගම්පොළ සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රියන් ප්රමාද වී ගමන් ආරම්භ කිරීමට සිදුව තිබේ.
දුම්රිය මාර්ගයට වැටී ඇති පස් ඉවත් කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති අතර, එම කටයුතු අවසන් වන තෙක් දුම්රිය ධාවනය සීමා කර ඇත.
