පලන්ගොඩ කස්සප හිමියන් විහාරමහාදේවි උද්යානයේදී ඇද වැටීමකට ලක්ව තුවාල ලබා ඇති බවත්, ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්ය ඔස්සේ පැතිර යන පහරදීමේ පුවත් අසත්ය බවත් පොලිස් මාධ්ය ප්රකාශකවරයා පවසයි.
පසුගිය 17 වන දින රාත්රී 8.30ට පමණ උන්වහන්සේ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ප්රතිකාර සඳහා පැමිණි අතර, වෛද්යවරුන් විසින් අවශ්ය සියලුම වෛද්ය පරීක්ෂණ සිදු කර ඇත. එහිදී උන්වහන්සේට පහරදීමක් සිදුවී ඇති බවට කිසිදු සාක්ෂියක් අනාවරණය වී නොමැති බව පොලිසිය පවසයි.
ඇද වැටීම හේතුවෙන් හිසට සිදුවූ තුවාලයක් සම්බන්ධයෙන් වැඩිදුර වෛද්ය පරීක්ෂණ අවශ්ය බැවින් රෝහලේ නේවාසිකව ප්රතිකාර ගන්නා ලෙස වෛද්යවරුන් උපදෙස් ලබා දී තිබුණි. කෙසේ වෙතත්, එම ප්රතිකාර ප්රතික්ෂේප කළ උන්වහන්සේ රාත්රී 9.30 පමණ වන විට රෝහලෙන් පිටව ගොස් ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අසත්ය තොරතුරු සමාජ මාධ්ය ඔස්සේ ප්රචාරය කරමින් මහජනතාව නොමඟ යැවීමට උත්සාහ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව ද පොලිසිය අවධාරණය කරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර