ශ්රී ලංකාව සහ චීනය අතර මූල්ය සහයෝගීතාව නව මාවතකට ගෙන යමින්, ශ්රී ලංකාවේ ‘චීන යුවාන් (RMB) ගෙවීම් පියවීම් බැංකුව’ (RMB Clearing Bank) පසුගියදා කොළඹදී විවෘත කෙරිණි. කම්කරු අමාත්ය සහ මුදල් හා ක්රමසම්පාදන නියෝජ්ය අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත මහතාගේ ප්රධානත්වයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්විණි.
චීන මහජන බැංකුවේ බලයලත් ආයතනයක් ලෙස චීන බැංකුවේ (Bank of China) කොළඹ ශාඛාව මෙම පියවීම් බැංකුව ලෙස කටයුතු කරනු ඇත. මෙම පියවරත් සමඟ දෙරට අතර සිදු කෙරෙන දේශසීමා හරහා ගෙවීම් සහ බැංකු ගනුදෙනු වඩාත් කාර්යක්ෂම වනු ඇත.
මෙම නව පහසුකම මගින් චීනය සමඟ සිදුකරන වෙළෙඳ ගනුදෙනුවලදී ඇමෙරිකානු ඩොලර් හරහා මුදල් පරිවර්තනය කිරීමේ අවශ්යතාව මගහැරී යයි. එමගින් විනිමය පරිවර්තන පිරිවැය සහ විනිමය අනුපාත වෙනස්වීම් හේතුවෙන් ඇතිවිය හැකි අවදානම් අවම කර ගැනීමට ශ්රී ලාංකික ව්යාපාරිකයන්ට අවස්ථාව උදාවේ.
එසේම, මීට පෙර චීන බැංකු හරහා සිදුවූ අතරමැදි ක්රියාවලීන් සහ කාලය වැයවීම අවම වන බැවින්, ආනයනකරුවන්ට සහ අපනයනකරුවන්ට වඩාත් පහසු මූල්ය සේවාවන් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. මෙම අවස්ථාව සඳහා චීන තානාපති වෙයි හුවාෂියාන් මහතා ඇතුළු රාජ්ය තාන්ත්රික නිලධාරීන් සහ ව්යාපාරික ප්රජාව එක්ව සිටියහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර