දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගය ව්යාප්ත වීමේ අවදානම යළිත් ඉහළ ගොස් තිබේ. මේ වන විට සෞඛ්ය වෛද්ය නිලධාරී කොට්ඨාස 70ක පමණ මදුරු කීට ඝනත්වය ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අනතුරු අඟවයි.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ වෛද්ය කපිල කන්නංගර මහතා සඳහන් කළේ, නිසි මදුරු මර්දන පියවර නොගතහොත් ඉදිරියේදී යළිත් ඩෙංගු අධි වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි. වැසි සමය ආරම්භ වීමත් සමඟ ඩෙංගු රෝගීන්ගේ සංඛ්යාව ඉහළ යාමේ ප්රවණතාවක් ඉතිහාසය පුරාම නිරීක්ෂණය වී ඇති බව ඔහු සිහිපත් කළේය.
දැනට පාලනය කර ඇති ඩෙංගු තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මහජනතාවගේ සහාය අත්යවශ්ය බව වෛද්යවරයා අවධාරණය කරයි. සියලුම දිස්ත්රික්ක ආවරණය වන පරිදි මේ වන විට මදුරු කීට සමීක්ෂණ සිදු කෙරෙමින් පවතී.
සිය නිවෙස් සහ අවට පරිශ්රයන්හි ජලය රැඳී පවතින ස්ථාන කඩිනමින් පිරිසිදු කර මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී. විශේෂයෙන්ම ජලය රැඳෙන භාජන සහ අනෙකුත් අපද්රව්ය ඉවත් කිරීම මගින් මෙම තත්ත්වය පාලනය කරගත හැකි බව ඔවුන් පෙන්වා දෙයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර