පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ විහාරමහාදේවි උද්යානයේ ආරම්භ කර ඇති සත්යග්රහයට එක්ව සිටි බලංගොඩ කස්සප හිමියන් යළි එම ස්ථානයට පැමිණ ඇති බව වාර්තා වේ.
උන්වහන්සේ පසුගිය දින සත්යග්රහයේ නිරතව සිටියදී ඇතිවූ සිද්ධියක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබීය. පොලිස් මාධ්ය ප්රකාශකවරයා සඳහන් කළේ, විහාරමහාදේවි උද්යානයේදී පය ලිස්සා වැටීමක් හේතුවෙන් උන්වහන්සේ රෝහල්ගත වූ බවයි.
මේ සම්බන්ධයෙන් අසත්ය ප්රචාර සමාජ මාධ්ය ඔස්සේ පතුරුවා හරින පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්රියාත්මක කරන බව පොලිසිය අනතුරු අඟවයි. උන්වහන්සේට පහරදීමක් සිදු නොවූ බවද පොලිස් මාධ්ය ප්රකාශකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්ය සම්පත් ඉන්දික කුමාර මහතා පැවසුවේ, මූලික වෛද්ය පරීක්ෂණවලින් පසු උන්වහන්සේට වැඩිදුර ප්රතිකාර අවශ්ය නොවන බව වෛද්යවරුන් නිර්දේශ කළ බවයි. කෙසේ වෙතත්, රෝහලේ නිරීක්ෂණ වාට්ටුවක රැඳී සිටින ලෙස වෛද්යවරුන් කළ ඉල්ලීම ප්රතික්ෂේප කරමින් උන්වහන්සේ රෝහලෙන් පිටව ගොස් තිබේ.
ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් ආරම්භ කර ඇති මෙම සත්යග්රහය මේ වන විටත් විහාරමහාදේවි උද්යානයේදී අඛණ්ඩව පැවැත්වෙමින් පවතී.
