ඉන්දීය ප්රිමියර් ලීග් (IPL) තරගාවලියේ ප්රබල කණ්ඩායමක් වන මුම්බායි ඉන්දියන්ස් හි ප්රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ශ්රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන එම ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇත. මුම්බායි ඉන්දියන්ස් කළමනාකාරීත්වය විසින් සිය නිල සමාජ මාධ්ය ගිණුම් ඔස්සේ මේ බව තහවුරු කර තිබේ.
මහේල ජයවර්ධන අවස්ථා දෙකකදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, ඔහුගේ කාලසීමාව තුළ කණ්ඩායම IPL ශූරතා තුනක් දිනා ගැනීමට සමත් විය. 2017 සිට 2022 දක්වා සහ ඉන්පසු 2024 සිට 2026 දක්වා ඔහු එම වගකීම දැරීය.
කෙසේ වෙතත්, පසුගිය තරග වාර කිහිපයේදී කණ්ඩායමේ දක්ෂතා පහත වැටීමක් දක්නට ලැබිණි. විශේෂයෙන්ම 2026 තරගාවලිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අවසන් කළේ ප්රසාද ලකුණු සටහනේ නවවැනි ස්ථානයට පත්වෙමිනි.
තම ඉවත්වීම පිළිබඳව අදහස් දක්වමින් මහේල ජයවර්ධන සඳහන් කර ඇත්තේ, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සිය වෘත්තීය ජීවිතයේ සුවිශේෂී ස්ථානයක් හිමිකර ගන්නා බවයි. තමන්ට සහාය දැක්වූ ක්රීඩකයන්, කාර්ය මණ්ඩලය සහ රසිකයන් වෙත ඔහු සිය ස්තුතිය පළ කර ඇත.
ප්රධාන පුහුණුකරු ධුරයට අමතරව, ගෝලීය දක්ෂතා කළමනාකරණ ප්රධානියා ලෙස කටයුතු කරමින් ඔහු මුම්බායි ඉන්දියන්ස් හි විදේශීය කණ්ඩායම් වන MI New York සහ MI Emirates හි සාර්ථකත්වයට ද විශාල දායකත්වයක් ලබා දී තිබේ.
