එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ (UNODC) දකුණු ආසියානු කලාපීය නියෝජිත ක්‍රිස්ටියන් හොල්ගේ මහතා ඇතුළු නියෝජිත පිරිසක් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත (විශ්‍රාමික) මහතා හමුවිය.

මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක අවශ්‍යතා සහ UNODC ආයතනය හරහා ලබාගත හැකි සහයෝගීතාවන් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. විශේෂයෙන්ම සමුද්‍රීය තොරතුරු ඒකාබද්ධ කිරීමේ මධ්‍යස්ථානය හරහා නීතිමය කටයුතු සඳහා සාක්ෂි ලබා ගැනීමේ හැකියාව ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු විය.

එමෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන සහයෝගය මෙන්ම මිනිස් ජාවාරම් සහ සංක්‍රමණික ජාවාරම් මැඩලීම සඳහා ජාතික කාර්ය සාධක බලකාය විසින් අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී සමාලෝචනය කරන ලදී.

දකුණු ආසියානු කලාපයේ මතුවෙමින් පවතින අභියෝග සහ කෘත්‍රිම බුද්ධිය (AI), ඩ්‍රෝන යානා සහ අන්තර්ජාල වේදිකා අපරාධ කල්ලි විසින් අවභාවිත කිරීම වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත නව ව්‍යාපෘති පිළිබඳව ද මෙහිදී කරුණු සාකච්ඡා කෙරිණි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version