ගම්පහ ප්රාදේශීය කාර්යාලයට අනුයුක්තව සේවය කරන මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියේ කාලසටහන් නිලධාරියෙකු අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර ඇත්තේ රදාවාන බස් නැවතුම්පොළේ පිහිටි අදාළ නිලධාරියාගේ කාර්යාලය තුළදීය. සැකකරු ඊයේ (20) දහවල් 12.25 ට පමණ අත්අඩංගුවට ගෙන තිබේ.
රදාවාන සිට කොළඹ දක්වා ධාවනය වන 188 අංක දරන බස් රථයේ සේවකයෙකුගෙන් මෙම අල්ලස් මුදල ලබාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. බස් රථය නියමිත වේලාවට පිටත් කර නොහැර, ප්රමාද වී පිටත් වීමට අවස්ථාව සලසා දීම සඳහා මෙම මුදල ඉල්ලා ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
