වත්තල ප්රදේශයේදී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සොරාගන්නා ලද ත්රිරෝද රථයක්, මෝටර් සයිකලයක් සහ වාහන අමතර කොටස් තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට බම්බලපිටිය පොලිසිය සමත්වී ඇත.
පසුගිය ඔක්තෝබර් 15 වනදා සිදු වූ ත්රිරෝද රථ සොරකමක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 25 සහ 28 පසුවන වත්තල ප්රදේශයේම පදිංචිකරුවන් බව පොලිසිය සදහන් කරයි. මොවුන් අතුරින් එක් අයෙකු සොරකමට සෘජුවම සම්බන්ධ වී ඇති අතර අනෙක් පුද්ගලයා සොරාගන්නා ලද භාණ්ඩ ළඟ තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය සිදුකළ සෝදිසි කිරීමේදී සොයාගන්නා ලද භාණ්ඩ අතර ත්රිරෝද රථ එන්ජින් 5ක්, ත්රිරෝද රථ චැසි රාමු 2ක්, සම්පූර්ණ ත්රිරෝද රථයක්, මෝටර් සයිකලයක් සහ වාහන අංක තහඩු කිහිපයක් ද වේ.
සිදුවීම සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.
