ප්රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ පුත්රයෙකු වන අඛිල ධනුන්දර මේ වන විට සමාජ මාධ්ය තුළ දැඩි කතාබහකට ලක්ව තිබේ. ඒ ඔහුගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් මතුව ඇති විවිධ කටකතා හේතුවෙනි.
අඛිල සහ ඔහුගේ බිරිඳ වන එමි මේ වන විට වෙන්ව ජීවත් වන බවට සමාජ මාධ්ය තුළ මත පළවෙමින් පවතී. මීට ප්රධාන හේතුවක් ලෙස රසිකයන් පෙන්වා දෙන්නේ, අඛිල සිය සමාජ මාධ්ය ගිණුම්වල එමිගේ ඡායාරූප හෝ වීඩියෝ දර්ශන පළ කිරීම නතර කර තිබීමයි. මීට අමතරව, මෑතකදී පැවති විවාහ මංගල උත්සවයකට ඔහු තනිව සහභාගී වීම ද මෙම සැකයන් තවදුරටත් තීව්ර වීමට හේතු වී ඇත.
මෙම තත්ත්වය හමුවේ අඛිල ධනුන්දර සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ජීවිතයේ දුෂ්කර අවස්ථාවලදී ඉවසීමෙන් කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව අදහස් දක්වා තිබුණි. එහිදී ඔහු තමා මුහුණ දුන් අභියෝගාත්මක කාලසීමාවන් සහ සිය පියාගේ සිහිනයන් වෙනුවෙන් කැපවූ අයුරු සිහිපත් කර ඇත.
කෙසේ වෙතත්, තමන්ගේ විවාහ ජීවිතය පිළිබඳව පැතිර යන කටකතා සම්බන්ධයෙන් අඛිල මෙතෙක් නිල වශයෙන් කිසිදු ප්රකාශයක් සිදු කර නොමැත. කලා ක්ෂේත්රයේ බොහෝ දෙනාගේ අවධානයට ලක්ව ඇති මෙම සිදුවීම පිළිබඳව රසිකයන් තුළ පවතින්නේ දැඩි කුතුහලයකි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර