පොරැල්ලේ ඩඩ්ලි සේනානායක මාවතේ පිහිටි වසර 50ක් තරම් පැරණි දැවැන්ත ජල නල පද්ධතියක් ප්‍රතිසංස්කරණය කර අවසන් කර ඇති බව කොළඹ නගරාධිපති විරාජ් කෙලී බල්තසාර් මහතා පවසයි.

මෙම ජල නල පද්ධතියේ ඇතිවූ පීඩනය හේතුවෙන් එහි හානි සිදුවී තිබූ අතර, එම තත්ත්වය වහාම නිවැරදි කිරීමට පියවර ගෙන ඇත.

ප්‍රතිසංස්කරණ කටයුතු පැය 24ක් වැනි කෙටි කාලයක් තුළ සාර්ථකව නිම කිරීමට නගර සභාව කටයුතු කර ඇති අතර, ඒ අනුව අදාළ මාර්ගය යළි වාහන ගමනාගමනය සඳහා විවෘත කර තිබේ.

කොළඹ නගර සභා බලප්‍රදේශය තුළ පවතින මෙවැනි පැරණි ජල නල පද්ධතිවල පවතින තත්ත්වය පිළිබඳව නිරන්තරයෙන් සොයා බැලීමටත්, අවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් සිදු කිරීමටත් නගරාධිපතිවරයා අවධානය යොමු කර ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version