ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර පැවැති හයවැනි ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන වටයේදී, රුමේනියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සුබසාධනය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇත. රුමේනියාවේ බුකාරෙස්ට් නුවරදී මෙම සාකච්ඡා පැවැත්වුණු අතර, ඒ සඳහා දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයෝ එක්ව සිටියහ.
මේ වන විට රුමේනියාවේ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් 26,000ක පමණ පිරිසක් සිටින අතර, ඔවුන්ගේ රැකියා කොන්දේසි, සමාජ ආරක්ෂණය සහ විශ්‍රාම වැටුප් හිමිකම් සුරක්ෂිත කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. මීට අමතරව, ශ්‍රී ලාංකික රියැදුරු බලපත්‍ර පිළිගැනීම සහ වෘත්තීය සුදුසුකම් තහවුරු කිරීම සම්බන්ධයෙන් පවතින ගැටලු සඳහා විසඳුම් සෙවීමට ද දෙපාර්ශ්වය එකඟතාව පළ කර ඇත.
ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කර ගැනීමේ අරමුණින් වෙළෙඳාම, ආයෝජන, සංචාරක කර්මාන්තය සහ අධ්‍යාපන ක්ෂේත්රවල පවතින අවස්ථා පුළුල් කිරීමට ද මෙහිදී අවධානය යොමු විය. විශේෂයෙන්ම කොළඹ වරාය සහ රුමේනියාවේ කොන්ස්ටන්සා වරාය අතර නාවික සබඳතා වර්ධනය කර ගැනීමේ හැකියාව පිළිබඳව ද නියෝජිතයන් අදහස් හුවමාරු කරගෙන තිබේ.
ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට 2027 වසරේදී වසර 70ක් සපිරෙන අතර, එම සබඳතා දෙරටේ ජනතාවට ප්‍රායෝගික ප්රතිලාභ ලැබෙන අයුරින් තවදුරටත් ශක්තිමත් කිරීමට දෙරටේ නියෝජිතයෝ කැපවී සිටිති.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර