සූවස් ඇළ මාර්ගය ඔස්සේ නැගෙනහිර-බටහිර ප්රධාන නාවික මාර්ගයට බහාලුම් නෞකා යළි පැමිණීමත් සමඟ හම්බන්තොට ජාත්යන්තර වරාය සමූහය (HIPG) නව ව්යාපාරික අපේක්ෂාවන් දල්වා තිබේ. 2027 වසරේ පළමු කාර්තුව වන විට බහාලුම් නාවික සේවා මෙම මාර්ගයට පූර්ණ වශයෙන් අවතීර්ණ වනු ඇතැයි සමුද්රීය උපදේශන ආයතන පුරෝකථනය කරයි.
ප්රධාන නාවික මාර්ගයට නාවික සැතපුම් දහයක පමණ ආසන්නයකින් පිහිටා තිබීම හම්බන්තොට වරායට හිමි වී ඇති ප්රධාන වාසියකි. රතු මුහුදේ පැවති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් වෙනත් මාර්ග ඔස්සේ ගමන් කළ නෞකා යළි සූවස් මාර්ගයට පැමිණීමත් සමඟ වරායේ සේවා සඳහා ඉල්ලුම ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් HIPG හි වාණිජ හා අලෙවි සාමාන්යාධිකාරී බින්දු රණසිංහ මහතා සඳහන් කළේ, බහාලුම් හැසිරවීමට අමතරව නෞකා සඳහා ඉන්ධන සැපයීම, ආහාර ද්රව්ය සැපයීම සහ අනෙකුත් සමුද්රීය සේවා සඳහා ඉහළ ඉල්ලුමක් ඇති විය හැකි බවයි. පසුගිය කාලසීමාව තුළ වරායේ පහසුකම් සහ හැකියාවන් වැඩිදියුණු කර ගැනීමට පියවර ගෙන ඇත.
වරායේ ධාරිතාව පුළුල් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 149ක ආයෝජනයක් සිදු කර ඇති අතර, 2027 වසර වන විට වාර්ෂික බහාලුම් හැසිරවීමේ ධාරිතාව TEU මිලියන දෙකක් දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර ඇත. විදේශීය බහාලුම්වලට අමතරව දේශීය ආනයන හා අපනයන භාණ්ඩ හුවමාරුව සඳහාද නව පහසුකම් සකස් කෙරෙමින් පවතී.
අර්බුදකාරී සමයේදී ගොඩනගාගත් පාරිභෝගික සබඳතා සහ නාවික සේවා දිගුකාලීන ව්යාපාරික ගිවිසුම් බවට පත් කර ගැනීම වරායේ ඉදිරි ඉලක්කය වී තිබේ. කලාපීය ආරක්ෂක තත්ත්වයන් සහ වාණිජ වාසි මත පදනම්ව මෙම සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට HIPG අපේක්ෂා කරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර