අම්පාර, සමන්තුරේ ප්රදේශයේදී හදිසියේ ඇද වැටුණු වයස අවුරුදු 25ත් 30ත් අතර පසුවන පිරිමි වන අලියෙකු බේරා ගැනීමේ මෙහෙයුමක් දියත් කර ඇත. මෙම සතාගේ උදරය දැඩි ලෙස ඉදිමී ඇති අතර, දැඩි වේදනාවකින් පසුවන බව නිරීක්ෂණය වී තිබේ.
සතාගේ ශරීරයේ බාහිර තුවාල කිසිවක් දක්නට නොමැති වීම හේතුවෙන්, විෂ සහිත යමක් ආහාරයට ගැනීම හෝ පොලිතීන් වැනි දිරාපත් නොවන ද්රව්යයක් ගිල දැමීම නිසා ආහාර ජීර්ණ පද්ධතියේ අවහිරතාවක් ඇති වී තිබිය හැකි බව වනජීවී නිලධාරීන් සැක පළ කරති.
ප්රදේශයේ පවතින අධික වර්ෂාව සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් සතා සිටින ස්ථානයට ළඟා වීම දැඩි අභියෝගයක් වී ඇත. කෙසේ වෙතත්, ප්රතිකාර කටයුතු සිදු කිරීම සඳහා ජලයෙන් යට වූ බිම් ප්රදේශය වැලි දමා ගොඩ කර ආරක්ෂිතව ස්ථාවර කිරීමට පියවර ගෙන තිබේ.
පශු වෛද්ය කණ්ඩායම් විසින් සතාට අවශ්ය ප්රතිජීවක ඖෂධ ඇතුළු හදිසි ප්රතිකාර ලබා දීම ආරම්භ කර ඇත. මෙම මෙහෙයුම සඳහා ශ්රී ලංකා යුද්ධ හමුදාවේ සාමාජිකයින් දස දෙනෙකු සහ පොලිස් නිලධාරීන් සහය ලබා දෙමින් සිටින අතර, වනජීවී නිලධාරීන් අඛණ්ඩව එම ස්ථානයේ රැඳී සිටිමින් සතාගේ තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටී.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර