ඉන්දීය සූපශාස්ත්ර ක්ෂේත්රයේ දැවැන්තයෙකු වූ සෙෆ් දාමු ලෙස ජනාදරයට පාත්ර වූ කේ. දාමෝදරන් මහතා අභාවප්රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 72 වන වියේ පසු විය.
සෞඛ්ය තත්ත්වයේ පිරිහීමක් හේතුවෙන් චෙන්නායි නුවර පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අද (25) අලුයම අභාවප්රාප්ත වූ බව වාර්තා වේ.
සූපශාස්ත්ර ක්ෂේත්රයේ සුවිශේෂී සලකුණක් වූ දාමෝදරන් මහතා, 2010 වසරේදී පැය 24කට අධික කාලයක් නොකඩවා ආහාර පිසීමේ නිරත වෙමින් ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් විය.
එමෙන්ම, හෝටල් කළමනාකරණය සහ සූපශාස්ත්ර තාක්ෂණය යන විෂයයන් ඔස්සේ ආචාර්ය උපාධියක් හිමිකරගත් පළමු ඉන්දීය සූපවේදියා ලෙසද ඔහු ඉතිහාසයට එක්ව සිටී.
ඔහුගේ වියෝව ඉන්දීය සූපශාස්ත්ර ක්ෂේත්රයට මෙන්ම ලොව පුරා සිටින ඔහුගේ රසික ප්රජාවටද විශාල පාඩුවක් බව විදෙස් මාධ්ය වාර්තා කරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර