ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කර ඇති නවතම දත්ත වාර්තාවන්ට අනුව, මෙම වසරේ ජනවාරි මස 01 වැනිදා සිට ඔක්තෝබර් මස 22 වැනිදා දක්වා කාලය තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්යාව 1,813,484ක් ලෙස සටහන් වේ.
පසුගිය ඔක්තෝබර් මස පළමු දින 22 තුළ පමණක් මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්යාව 119,805කි.
මේ වසරේ මේ දක්වා කාලය තුළ ශ්රී ලංකාවට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි රට ලෙස ඉන්දියාව පෙරමුණ ගෙන සිටින අතර, එම සංඛ්යාව 482,944කි. ඔක්තෝබර් මස පළමු දින 22 තුළදී ද වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි.
එක්සත් රාජධානියෙන් සංචාරකයින් 169,405ක්, චීනයෙන් 120,980ක් සහ ජර්මනියෙන් 102,920ක් ලෙස මෙම කාලසීමාව තුළ සංචාරකයින් මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත පෙන්වා දෙයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර