පවතින පාරිභෝගික ඉල්ලුම සලකා බලා ලිට්රෝ ගෑස් සිලින්ඩර් ලක්ෂ 7ක් හෙට (27) දිනයේ සිට වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත බව ලිට්රෝ සමාගම නිවේදනය කරයි.
මෑතකදී දිවයිනට පැමිණි ගෑස් නෞකා මගින් මෙට්රික් ටොන් 3900ක ගෑස් තොගයක් ලැබී ඇති අතර, එම සැපයුම් මත පදනම්ව ගෑස් බෙදාහැරීමේ කටයුතු කඩිනම් කර ඇත.
පසුගිය ඔක්තෝබර් 22 සහ 24 යන දිනවලදී ගෑස් රැගත් නෞකා දිවයිනට ළඟා වූ අතර, එම තොග මගින් වෙළඳපොළේ පවතින ගෑස් අවශ්යතාවය සපුරාලීමට හැකි වනු ඇතැයි සමාගම විශ්වාසය පළ කරයි.
මේ අනුව පාරිභෝගිකයින්ට කිසිදු හිඟයකින් තොරව ගෘහස්ථ ගෑස් සිලින්ඩර් මිලදී ගැනීමේ හැකියාව පවතින බව ලිට්රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර