දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ පියවරක් ලෙස අද (27) දිනයේ සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

කෙසේ වෙතත්, දැනට සැලසුම් කර ඇති පරිදි අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයට අදාළ සෞන්දර්ය විෂයයන් සඳහා වන ප්‍රායෝගික පරීක්ෂණ නියමිත පරිදිම පැවැත්වෙන බව අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දෙයි.

අයහපත් කාලගුණය හේතුවෙන් සිසුන්ට ඇතිවිය හැකි අපහසුතා මඟහරවා ගැනීම සඳහා මෙම තීරණය ගෙන ඇති අතර, දෙමාපියන් සහ සිසුන් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටී.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version