දිට්වා සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වූ දිඹුලාගල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් වෙනුවෙන් මෙම මූල්ය ආධාර ලබා දීම සිදු කෙරිණි. ඒ අනුව, කුණාටුවෙන් නිවාස සම්පූර්ණයෙන්ම විනාශ වූ පවුල් 42ක් සඳහා නව නිවාස ඉදිකර ගැනීම වෙනුවෙන් රුපියල් දසකෝටි හතලිස් හය ලක්ෂයක මුදලක් වෙන් කර ඇත.
මෙම ආධාර ප්රදානය කිරීමේ අවස්ථාව නියෝජ්ය අමාත්ය ටී.බී. සරත් මහතාගේ ප්රධානත්වයෙන් දිඹුලාගල ප්රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මීට අමතරව, නිවාස හානි වූ පවුල් 46ක් සඳහා මුල් අදියර යටතේ රුපියල් ලක්ෂ 20 බැගින් ද, තවත් පවුල් 42ක් සඳහා රුපියල් ලක්ෂ 3 බැගින් ද ආධාර ලබා දීමට පියවර ගෙන තිබේ.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් රත්නසිරි සහ දිඹුලාගල ප්රාදේශීය සභාවේ සභාපති ගයාන් චතුරංග යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර