රටක මූල්ය පද්ධතියක ශක්තිමත්භාවය රඳා පවතින්නේ හුදෙක් නීති පද්ධතියක් මත පමණක් නොව, එම ආයතන කෙතරම් ඵලදායීව සහ වගවීමකින් යුතුව ක්රියාත්මක වන්නේද යන්න මත බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කළාය. ඇය මේ බව සඳහන් කළේ ශ්රී ලංකාවේ තෙවන අන්යෝන්ය ඇගයීම් වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.
මුදල් විශුද්ධිකරණය, ත්රස්තවාදයට මුදල් සැපයීම සහ අවි ව්යාප්තියට මූල්ය පහසුකම් සැපයීම වැළැක්වීම (AML/CFT/CPF) අරමුණු කරගත් මෙම වැඩසටහන, ජාත්යන්තර ප්රමිතීන්ට අනුකූලව ශ්රී ලංකාවේ මූල්ය පද්ධතිය ශක්තිමත් කිරීමට වැදගත් අවස්ථාවක් බව අග්රාමාත්යවරිය පෙන්වා දුන්නාය.
දූෂණය හේතුවෙන් මූල්ය ආයතන කෙරෙහි මහජන විශ්වාසය පළුදු වීම රටක ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වයට විශාල අභියෝගයක් බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය. මෙම අභියෝග ජය ගැනීම සඳහා විනිවිදභාවය සහ ශක්තිමත් ආයතනික සම්බන්ධීකරණය අත්යවශ්ය බව අග්රාමාත්යවරිය අවධාරණය කළාය.
මතු වන නව අවදානම් හඳුනා ගනිමින් ජාත්යන්තර ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු කිරීමට රජය කැපවී සිටින බවද ඇය මෙහිදී ප්රකාශ කළාය. මෙම අවස්ථාව සඳහා ඩිජිටල් ආර්ථික නියෝජ්ය අමාත්ය එරංග වීරරත්න, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර