ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් යෝජනා කර ඇති Power Wheeling විදුලි ගාස්තු ක්රමවේදය සම්බන්ධයෙන් ශ්රී ලංකා ඇඟලුම් නිෂ්පාදකයන්ගේ ඒකාබද්ධ සංගමය (JAAF) සිය ප්රසාදය පළ කර සිටී. මෙම පියවර කර්මාන්ත ක්ෂේත්රයේ බලශක්ති පිරිවැය වඩාත් තරගකාරී මට්ටමකට ගෙන ඒම සඳහා ගත් ප්රායෝගික පියවරක් බව එම සංගමය පෙන්වා දෙයි.
නිෂ්පාදකයන්ට වඩාත් විශ්වාසදායක සහ තිරසාර බලශක්ති විකල්ප තෝරා ගැනීමට අවස්ථාව උදාකර දීම සඳහා මෙම ක්රමවේදය ඉවහල් වනු ඇත. විවෘත ප්රවේශය සහ Power Wheeling නියාමනයන් කඩිනම් කිරීමට සමගාමීව, බැටරි බලශක්ති ගබඩා කිරීමේ පද්ධති දිරිගැන්වීම ද වැදගත් වන බව JAAF පෙන්වා දෙයි.
මෙම ගාස්තු ක්රමවේදය ක්රියාත්මක කිරීම සඳහා අවශ්ය නීතිමය ප්රතිපාදන කඩිනමින් ගැසට් මගින් ප්රකාශයට පත් කරන ලෙසත්, ආයෝජන අධෛර්යවත් නොවන පරිදි විනිවිදභාවයකින් යුත් පිරිවැය මත පදනම් වූ ගාස්තු ව්යුහයක් සකස් කරන ලෙසත් සංගමය රජයෙන් ඉල්ලා සිටී.
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා පවසන්නේ, මෙම ක්රමවේදය හරහා සමස්ත විදුලි බලයෙන් 20%ක් දක්වා විවෘත වෙළෙඳපොළ ක්රමවේදයක් හරහා අලෙවි කිරීමට අවස්ථාව ලැබෙනු ඇති බවයි. ආයෝජකයන්ට තම මුදල් යෙදවීමට පෙර විදුලි සැපයුම තහවුරු කර ගැනීමට මෙමගින් හැකියාව ලැබේ.
අවසාන වශයෙන්, මෙම ගාස්තු ක්රමය අවසන් කිරීමට පෙර අපනයනකරුවන් සහ අනෙකුත් බලශක්ති පාරිභෝගිකයන් ඇතුළු සමස්ත කර්මාන්ත ක්ෂේත්රය සමග පුළුල් සාකච්ඡාවක නිරත වන ලෙසත්, සුළු හා මධ්ය පරිමාණ ව්යාපාර සඳහා ද සමාන අවස්ථා ලබා දෙන ලෙසත් JAAF වැඩිදුරටත් ඉල්ලා සිටී.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර