අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මොරටුව අධිකරණ සංකීර්ණයේ පවතින අඩුපාඩු සහ අවශ්යතා සොයා බැලීම සඳහා විශේෂ නිරීක්ෂණ චාරිකාවක පසුගියදා නිරත විය.
මෙම සංචාරයේදී අමාත්යවරයා අධිකරණයේ විනිසුරුවරුන්, නීතිඥවරුන් සහ අධිකරණ කටයුතු සඳහා පැමිණෙන මහජනතාවට පවතින පහසුකම් පිළිබඳව පෞද්ගලිකවම නිරීක්ෂණය කළේය.
මොරටුව දිසා අධිකරණයේ විනිසුරුතුමන් සහ නීතිඥ සංගමයේ නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවේදී, අධිකරණ පද්ධතියේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ අවශ්යතාවය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණි.
මෙහිදී මොරටුව ප්රදේශයට නව අධිකරණ සංකීර්ණයක් ඉදි කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු විය. මොරටුව අධිකරණ නීතිඥ සංගමයේ සභාපති නීතිඥ ඉෂාරා ලොකුපත්ම සහ ලේකම් නීතිඥ රොනාලි ලොකුබාලසුරිය යන මහත්මීන් ඇතුළු නීතිඥවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර