සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතේ අන්තර්ගත කරුණු විකෘති කර හුවා දක්වමින් ජනතාව බියගැන්වීමේ උත්සාහයක ඇතැම් කණ්ඩායම් නිරතව සිටින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ, අදාළ පනත පිළිබඳව සමාජය තුළ වැරදි මතවාද පැතිරවීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ දරන බවයි.

පනතේ සැබෑ අරමුණු සහ අන්තර්ගතය පිළිබඳව ජනතාව නිවැරදිව දැනුවත් කිරීමේ අවශ්‍යතාවය ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version